උතුරේ මහ විරු සැමරුමට සියල්ල සූදානම් - මහවිරු සැමරුම ජාතික මහවිරු සමරුව ලෙසත් නම් කරලා
November 26, 2017 09:47 am
මහවිරු දින සැමරුම වෙනුවෙන් උතුරේ මහවිරු සොහොන් ආශ‍්‍රිතව දෙමළ තරුණ තරුණියන් විවිධ සැරසිළි සිදුකරන ආකාරයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
උතුරු පළාත් ප‍්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත අතර, යාපනය,මුලතිව්, වවුනියාව හා මන්නාරම දිස්ත‍්‍රික්කයන්හි පිහිටි මහවිරු සොහොන් ආශ‍්‍රිතවද මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නියමිත බවද උතුරේ ජනතාව පැවසූහ.
උතුරු පළාත් ප‍්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, කනගපුරම් මහවිරු වැඩසටහන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා විසින් පැවැත්වීමට නියමිත බව කිලිනොච්චිය ප්‍රෙද්ශ වාසින් පැවසීය.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම වෙනුවෙන් කිසිවෙකුගෙන් අවසරය ලබා ගැනීම අවශ්‍ය නොවන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන් මහතා මීට පෙර ප්‍රකාශ කළේය.
මහවිරු පවුල්වල සාමාජිකයින්ගේ ප‍්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් වැඩසටහන් පැවැතවීමට නියමිත බවද ප‍්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසීය.