චන්දිමාල් ආබාධයකට ලක්ව රෝහලට රැගෙන යයි
August 18, 2026 11:04 am
ඉන්දියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද (18) පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සීමා මායිම ආසන්නයේදී හතරේ පහරක් වැළැක්වීමට උත්සාහ කිරීමේදී ඔහුගේ දකුණු උරහිසට සහ බෙල්ලට හානි සිදුව ඇති බවය.
අනතුර සිදුවූ වහාම ක්‍රීඩාංගණය තුළදීම කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා විසින් ඔහුව පරික්ෂා කර ඇති අතර, අනතුරුව වැඩිදුර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
ස්කෑන් පරීක්ෂණයේ වාර්තා ලැබීමෙන් පසු ඔහුගේ ආබාධයේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
