සයුරෙන් එතෙර
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළට
August 15, 2026 05:17 pm
ඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම මෙම ඛේදවාචකය හේතුවෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
ඉන්දුනීසියාවේ අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7 ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගනු ලැබූ අතර පසුව එරටින් පසුකම්පන කිහිපයක්ද වාර්තා විය.
එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබූ අතර පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කිරීමටද පියවර ගනු ලැබීය.
