ලැව්ගිනි නිසා කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
සයුරෙන් එතෙර

ලැව්ගිනි නිසා කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

August 9, 2026   01:13 pm

ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රාන්තයේ පුද්ගලයින් 20,000ක පමණ පිරිසක් මේ වන විට පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාලනයකින් තොරව පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ විටත් අක්කර 23,500ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබේ.

මේ අතර, කැනඩාවේ ඔන්ටාරියෝ, කිව්බෙක් ඇතුළු ප්‍රාන්ත කිහිපයකම මේ වනවිට ලැව්ගිනි තත්ත්වයන් වාර්තා වී ඇති අතර ඒවා මැඩ පැවැත්වීම සඳහා සහයවීමට මෙක්සිකෝව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ නවසීලන්තය යන රටවලින් ගිනි නිවන භට පිරිස් පැමිණ සිටින බව ද සඳහන් වෙයි.