ගාසාහි මරණ සංඛ්‍යාව 73,356 දක්වා ඉහළට
සයුරෙන් එතෙර

ගාසාහි මරණ සංඛ්‍යාව 73,356 දක්වා ඉහළට

August 2, 2026   02:50 pm

2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරය ඉලක්ක කරමින් ඊශ්‍රායලය ගෙනයන ප්‍රහාර හමුවේ මියගිය සංඛ්‍යාව 73,356ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මේ වන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව 174,185 දෙනෙකි.  

පසුගිය පැය 24ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් 6 දෙනෙකු මියගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මීට පෙර සිදුවූ ප්‍රහාරවලින් තුවාල ලැබූ තවත් පලස්තීන ජාතිකයෙකු ද මියගොස් තිබේ.  

පසුගිය ඔක්තෝබර් මාසයේදී අත්සන් කරන ලද "සටන් විරාම" ගිවිසුම ඊශ්‍රායල හමුදාව විසින් අඛණ්ඩව උල්ලංඝනය කරමින් පවතින බව  විදෙස් මාධය වාර්තා කරයි.

මෙම සටන් විරාමය ක්‍රියාත්මක වූ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අවම වශයෙන් පුද්ගලයින් 1,230 දෙනෙකු මියගොස් ඇති අතර, 4,076 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.