අජින්ක්‍යා රහනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
July 30, 2026 11:12 am
ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අජින්ක්‍යා රහනේ සියලුම ජාත්‍යන්තර තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.
සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
රහනේ ටෙස්ට් තරග 85ක්, එක්දින තරග 90ක් සහ විස්සයි විස්ස තරග 20ක් සඳහා ඉන්දියාව නියෝජනය කළේය.
අජින්ක්‍යා රහනේගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී තරග 2-1ක් ලෙස ඓතිහාසක ටෙස්ට් තරගාවලි ජයක් ලැබීය.
ඔහු ටෙස්ට් ශතක 12ක් සමඟ ලකුණු 5077ක්, එක්දින ශතක 03ක් සමඟ ලකුණු 2962ක් සහ විස්සයි විස්ස ලකුණු 375ක් රැස්කරගෙන ඇත.
ටෙස්ට් තරගය 06ක් සඳහා ඉන්දිය කණ්ඩායම මෙහෙයවා ඇති හෙතෙම තරග හතරක් ජයගෙන තරගය දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත්වී තිබේ.
