කොංගෝවේ ඉබෝලා ආසාදිතයින් 3360ක් වාර්තා වෙයි 
සයුරෙන් එතෙර

කොංගෝවේ ඉබෝලා ආසාදිතයින් 3360ක් වාර්තා වෙයි 

July 29, 2026   02:30 pm

කොංගෝ ජනරජය තුළ මේ දක්වා වාර්තාවී ඇති ඉබෝලා ආසාදිතයන් සංඛ්‍යාව 3360 දක්වා ඉහළ ගොස් තිබේ. 

එරට රජයේ දත්ත උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේය. 

අදාළ වෛරස් තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1487කි. 

මෙම තත්ත්වය  2018-2020 වසංගත තත්ත්වයට සමාන බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි. 

එම කාලයේදී උගන්ඩාවේ ඉබෝලා ආසාදිතයින් 3,400ක් හඳුනාගැණුන අතර මරණ 2,200ක් වාර්තා වූ බව එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයේ දත්තවල දැක්වේ. 

2014-2016 වසරේදී බටහිර අප්‍රිකාවේ වාර්තා වූ ඉබෝලා වසංගත තත්ත්වය ඉතිහාසයේ දරුණුතම අවස්ථාව ලෙසට සලකනු ලබයි. 

එම කාලයේදී රෝගීන් 28,000 ක් සහ මරණ 11,000කට වඩා සංඛ්‍යාවක් වාර්තා විය.