චිලී රාජ්‍යයට භූකම්පනයක්
සයුරෙන් එතෙර

චිලී රාජ්‍යයට භූකම්පනයක්

July 27, 2026   03:10 pm

චිලී රාජ්‍යයේ ඇන්ටොෆගස්ටා (Antofagasta) කලාපයට භූ කම්පනයක් හටගෙන තිබේ. 

එය රික්ටර් මාපක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

යුරෝපීය-මධ්‍යධරණී භූමිකම්පා විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ මෙම භූකම්පනය කිලෝමීටර 93ක් ගැඹුරින් සිදුව ඇති බවය.