කැස්පියන් මුහුදේ දී ඉරාන වාණිජ නෞකාවකට ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

කැස්පියන් මුහුදේ දී ඉරාන වාණිජ නෞකාවකට ප්‍රහාරයක්

July 26, 2026   12:04 pm

කැස්පියන් මුහුදේ යාත්‍රා කළ ඉරාන වාණිජ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් නාවිකයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉරානය චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය යුක්‍රේනය විසින් එල්ල කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් කරුණු විම්සීම සඳහා ටෙහෙරානයේ සිටින යුක්‍රේන තානාපතිවරයා ඉරාන විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇති බව ද ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටී.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ, රුසියාව මැදපෙරදිග කලාපයෙන් ලබාගන්නා චන්ද්‍රිකා නිරීක්ෂණ දත්ත ඉරානයට ලබාදෙන බව තම රටට නිරීක්ෂණය වී ඇති බවය.

එමෙන්ම රුසියාවේ සිට ඉරානය වෙත ආයුධ රැගෙන එන රුසියානු නෞකාවලට තමන් කැස්පියන් මුහුදේදී පහරදුන් බව යුක්‍රේනය පිළි ගෙන තිබේ.