කොංගෝවේ ඉබෝලා මරණ 1,000 ඉක්මවයි
සයුරෙන් එතෙර

කොංගෝවේ ඉබෝලා මරණ 1,000 ඉක්මවයි

July 23, 2026   03:14 pm

කොංගෝ ජනරජයේ ව්‍යාප්ත වෙමින් පවතින ඉබෝලා වසංගතය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,033 දක්වා ඉහළ ගොස් ඇති අතර, තහවුරු වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,536 දක්වා වැඩි වී ඇති බව ද එරට නවතම සංඛ්‍යාලේඛන වාර්තා කරයි.

එරට ජාතික මහජන සෞඛ්‍ය ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, නැගෙනහිර කොංගෝවේ ඉටූරි සහ උතුරු කිවු යන පළාත්වලින් පමණක් සඳුදා දිනයේදී අලුතින් රෝගීන් 50 දෙනෙකු හඳුනාගෙන ඇත.

පවතින ගැටුම්කාරී වාතාවරණය සහ සෞඛ්‍ය පහසුකම්වල පවතින හිඟතාව හමුවේ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි.