ඉන්දියාවේ විරෝධතාවක් අතරතුර රාහුල් ගාන්ධි අත්අඩංගුවට
සයුරෙන් එතෙර

ඉන්දියාවේ විරෝධතාවක් අතරතුර රාහුල් ගාන්ධි අත්අඩංගුවට

July 21, 2026   09:34 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිවස ඉදිරිපිට පැවැති විරෝධතාවයක් අතර තුර ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති වූ රාහුල් ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සමග ඔහුගේ සොහොයුරියක වන ප්‍රියංකා ගාන්ධි ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්න පත්‍ර කාන්දුවක් සම්බන්ධයෙන් විරෝධතා දක්වන ඉන්දීය සිසුන්ට එරෙහිව පොලීසිය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම විරෝධතාව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පවත්වා ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ රාහුල් ගාන්ධි සමග කොංග්‍රස් නායකයින් කිහිප දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගත් බවය.