බෙන් කරන් සිම්බාබ්වේ හි ක්‍රිකට් වාර්තා අතරට
July 9, 2026 11:04 pm
සිම්බාබ්වේ වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක පන්දුවාර 50 අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි 9වන ආරම්භක පිතිකරුවා ලෙස බෙන් කරන් ක්‍රිකට් වාර්තා අතරට එක්විය.
බංග්ලාදේශයට එරෙහිව හරාරේහිදී අද (9) පැවති දෙවන එක්දින තරගයේදී ඔහු මෙම සුවිශේෂී දක්ෂතාව දැක්වීය.
බ්‍රයන් බෙනට් සමගින් ඉනිම ඇරඹූ ඔහු ඉනිම අවසන් වනවිට පන්දු 135කට මුහුණදී ලකුණු 111ක් රැස්කරගෙන සිටියේය. ඔහු 7වන කඩුල්ලට බ්‍රයන් එවන්ස් සමගින් පන්දු 80කදී ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගීමටද සමත්වූහ.
සිම්බාබ්වේ වෙනුවෙන් පළමුවරට එක්දින තරගයක පන්දුවාර 50 අවසන් වනතෙක් ක්‍රීඩාකර ඇත්තේ, ඇන්ඩි ෆ්ලවර්ය. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව 1992 වසරේදී එම දස්කම දක්වා තිබේ.
ඔහුගෙන් පසු ග්‍රාන්ට් (එංගලන්තය/1994), නීල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව/1999), ඇලිස්ටෙයාර් කැම්බල් (ඉන්දියාව, 2000), ක්‍රේග් විෂාර්ට් (නැමීබියාව/2003), හැමිල්ටන් මසකඩ්සා (කෙන්යාව/2009), බ්‍රෙන්ඩන් ටේලර් (ද. අප්‍රිකාව/2010) හා බ්‍රයන් බෙනට් (අයර්ලන්තය/2025) බෙන් කරන්ට පෙර එම දස්කම දක්වා තිබුණි.
මේ අතර අද පැවති තරගයද ලකුණු 13කින් ජයගැනීමට සත්කාරක සිම්බාබ්වේ සමත් විය. ඒ අනුව ඔවුන් තරග 3කින් යුත් තරගාවලියේ තරග 2-0ක් ලෙස මේ වනවිට පෙරමුණ ගෙන සිටී.
ක්‍රිකට් පවුලකින් පැවත එන බෙන් කරන්, එංගලන්තය නියෝජනය කරන සෑම් හා ටොම් කරන්ගේ සහෝදරයෙකු වේ. ඔහුගේ පියා මෙන්ම සීයාද සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාකර තිබේ.
