සයුරෙන් එතෙර
ජපානයේ පාසලක ගින්නක්
June 19, 2026 02:42 pm
ජපානයේ ටෝකියෝ නුවර පාසලක් තුළ හටගත් ගින්නකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා තිබේ.
ගින්නත් සමඟ පාසලේ සිසුන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 300කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට එරට ගිනි නිවීමේ අංශ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාසලේ ගොඩනැගිල්ලක සිව්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බව ද සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවය.
