G7 අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර විශේෂ කතාබහක්
සයුරෙන් එතෙර

G7 අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර විශේෂ කතාබහක්

June 17, 2026   05:25 pm

ප්‍රංශයේ එවියොන් නුවරදී ඇරඹුණු G7 රාජ්‍ය නායක සමුළුවේ දෙවැනි දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර කෙටි අදහස් හුවමාරුවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාම්ප්‍රදායික සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් අනතුරුව, සාමාජික සහ ආරාධිත රටවල් සහභාගී වන විශේෂ සැසිය ආරම්භ වීමට පෙර මෙම හමුව සිදුවී ඇති බවද පැවසෙයි.

පසුව පැවැති නිල සැසියේදී ද අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් සමීපව අසුන්ගෙන සිටි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.