බ්රසීල - මොරොක්කෝ තරගය ජයපැරදුමකින් තොරව අවසන්
June 14, 2026 07:01 am
FIFA ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩය යටතේ බ්රසීලය සහ මොරොක්කෝව අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන්විය.
ඒ, තරගය නිමාවනවිට කණ්ඩායම දෙකම එක් ගෝලය බැගින් ලබා සිටීම හේතුවෙනි.
තරගයේ විසිවෙනි විනාඩියේදී මොරොක්කෝව වෙනුවෙන් ඉස්මේල් සයිබරි ගෝලයක් වාර්තා කළේය.
ඉන් අනතුරුව බ්රසීලය වෙනුවෙන් ගෝලයක් ලබාගනු ලැබූවේ විනි Jr විසිනි.
කෙසේවෙතත් තරගයේ දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.
මේ අතර ලබන 19 වෙනිදා බ්රසීලය හයිටි කණ්ඩායමට එරෙහිව ද මොරොක්කෝව ස්කොට්ලන්තයට එරෙහිව ද තරග වැදීමට නියමිතය.
