පාකිස්තානයේ ණය බර වැඩි වෙයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේ ණය බර වැඩි වෙයි

June 12, 2026   03:05 pm

පාකිස්තාන රජයේ සමස්ත දේශීය ණය සහ බැඳීම් ප්‍රමාණය 2026 අප්‍රේල් මාසය වන විට පාකිස්තාන රුපියල් බිලියන 58,089 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. 

පාකිස්තාන මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත උපුටා දක්වමින් විදෙස් වාර්තා ඒ බව පෙන්වා දෙයි.

රාජ්‍ය අංශයේ ණය ලබාගැනීම් අඛණ්ඩව ඉහළ යාමේ ප්‍රවණතාවක් මෙමගින් පෙන්නුම් කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මෙය 2026 මාර්තු මාසයේ පැවැති රුපියල් බිලියන 57,566 ක ණය මුදල සමග සැසඳීමේදී සියයට 0.91ක මාසික වර්ධනයක් බවත් පෙන්වා දෙයි.

එමෙන්ම, 2025 අප්‍රේල් මාසයේ පැවැති රුපියල් බිලියන 52,523 ක දේශීය ණය ප්‍රමාණය සමග සසඳන විට මෙය වසරින් වසර සියයට 11ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.