ඉරානය ඊශ්‍රායලයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවයි
සයුරෙන් එතෙර

ඉරානය ඊශ්‍රායලයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවයි

June 8, 2026   05:55 pm

ඉරානයේ ප්‍රධාන හමුදා මූලස්ථානය (Khatam al-Anbiya) විසින් ඊශ්‍රායලයට එල්ල කරන වත්මන් ප්‍රහාර අත්හිටවූ බව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ඔවුන් අනතුරු අඟවන්නේ දකුණු ලෙබනනය ඇතුළු ප්‍රදේශවලට ඊශ්‍රායල ප්‍රහාර දිගටම එල්ල වුවහොත්, ඉරානය මීට වඩා දැඩි සහ බලවත් ප්‍රහාරයකින් ප්‍රතිචාර දක්වන බවයි.

ඊයේ ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් නුවරට එල්ලකළ ගුවන් ප්‍රහාරවලට පිළිතුරු ලෙස ඉරානය හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කළ අතර, ඒ අනුව දෙරටම ඊයේ රාත්‍රියේ සහ අද එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගෙන තිබේ.

මේ අතර, දකුණු ලෙබනනයේ සිටින ඊශ්‍රායල සෙබළුන් පිරිසකට රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය අද (08) උදෑසන පැවසීය. 

ඊශ්‍රායල හමුදාව ඉරානයේ සුවිශේෂී රසායනික කර්මාන්තශාලාවකට (Petrochemical Facility) ප්‍රහාර එල්ල කළ බව පැවසීමෙන් පසු, ඉරාන විප්ලවීය බලකාය විසින් උතුරු ඊශ්‍රායලයේ පිහිටි රසායනික කර්මාන්තශාලාවකට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කළේය.