සයුරෙන් එතෙර
අමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ වෙඩි තැබීමක්
June 7, 2026 01:17 pm
අමෙරිකාවේ ටොලිඩෝ නගරයේ පැවැත්වුණු "Old West End Festival" නැමැති වීදි උත්සවයක් අතරතුර වෙඩි තැබීම සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
වෙඩි වැදීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙකු ස්ථාවර තත්ත්වයේ පසුවන අතර, 2 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එරට පොලීසිය පවසයි.
වෙඩි තැබීම සිදුකළ සැකකරු හෝ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.
