ආර්ථික වාසි සොයන හවුල්කරුවන්
සයුරෙන් එතෙර

ආර්ථික වාසි සොයන හවුල්කරුවන්

June 5, 2026   05:28 pm

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡාවක නිරතවී තිබේ.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරියගේ මෙම ඉන්දීය සංචාරය, බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම සහ ප්‍රමුඛතම හවුල්කරුවෙකු වන ඉන්දියාව සමඟ පවතින සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ඔසවා තබනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ශක්තිමත් සබඳතාව හේතුවෙන් දෙරටටම පෙර නොලැබුණු සුවිශේෂී ආර්ථික හා සංවර්ධන අවස්ථා රැසක් උදාවී ඇති බවද මෝදි පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දෙරටේම පොදු යහපත උදෙසා සහ ඒකාබද්ධ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා "ඉන්දියා-බ්‍රිතාන්‍ය දැක්ම 2035 වැඩපිළිවෙළ අඛණ්ඩව මඟපෙන්වනු ඇති බවද ඉන්දීය අගමැති මෙහිදී පවසා තිබේ.

මෙම හමුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X සටහනක්  තබමින් මෙසේ පවසා ඇත.

විශේෂයෙන්ම, බ්‍රිතාන්‍ය-ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම හැකි ඉක්මනින් බලාත්මක කිරීම අරමුණු කරගනිමින්, බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළඳ ලේකම් මේ සතියේ මුලදී සිදුකළ ඉන්දීය සංචාරයෙන් පසු මෙම සංචාරය සංවිධානය කර තිබීම විශේෂිතය.

මෙම සංචාරයේදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟද "ඉන්දියා-බ්‍රිතාන්‍ය දැක්ම 2035" යටතේ මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව නිල සමාලෝචනයක නිරත වීමටද 
නියමිතය.