සයුරෙන් එතෙර
කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාව සහ ඔස්ට්‍රේලියා අවධානයෙන්
June 2, 2026 08:16 pm
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් ඉන්දියාවට පැමිණ ඇති අතර එහිදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් ඔහුව උණුසුම් අයුරින් පිළිගෙන තිබේ.
දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර ද්විපාර්ශ්වික සබඳතාවල සිදුව ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳවද දෙපාර්ශ්වය අවධානය යොමුකර තිබේ.
දෙරටේම ආරක්ෂාව තහවුරු කරමින්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය, මුහුදු ආරක්ෂණ සහයෝගීතාවයේ ප්‍රගතිය වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කිරීම වෙනුවෙන් ඉදිරි පියවයර ගැනීම මෙම හමුවේදී සහතික කර ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය අලුත් කරමින් ශක්තිමත් කිරීමට ද දෙපාර්ශ්වය එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි.
