සයුරෙන් එතෙර
ඉන්දියාවෙන් පාකිස්තානයට ප්‍රබල චෝදනාවක්
May 29, 2026 09:25 pm
ඉන්දියාවට එරෙහිව පාකිස්තානය සිදුකරන දේශසීමා ආක්‍රමණශීලී ක්‍රියාවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිතයා දැඩි වාග් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ, ත්රස්තවාදයට අනුග්‍රහය දැක්වීමේ ප්‍රතිඵලවලට මුහුණ දීමට පාකිස්තාන රජයට සිදුවනු ඇති බවය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත විවාදයකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.
එහිදී තවදුරටත් ඔහු පෙන්වාදී ඇත්තේ පාකිස්තානය ඉන්දියාවට එරෙහිව ද්වේශසහගත ත්‍රස්තවාදී බලවේග, දේශසීමා ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය පෝෂණය කිරීම සහ ඒවා මෙහෙයවීම අඛණ්ඩව සිදුකරන බවය.
එසේම එවැනි සීමාන්තර ත්‍රස්තවාදයකින් තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉන්දියාවට සම්පූර්ණ අයිතියක් ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.
