සයුරෙන් එතෙර
ගාසා තීරයේ පාලනය සියයට 70ක් දක්වා වැඩි කිරීමට නෙතන්යාහුගෙන් උපදෙස්
May 29, 2026 12:03 pm
ගාසා තීරයේ පාලනය සියයට 70ක් දක්වා වැඩි කිරීම සදහා ඊශ්‍රායල හමුදාවන්ට උපදෙස් ලබා දුන් බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ඔහුගේ ප්‍රකාශයක් උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ගාසා තීරයේ සියයට 60ක භූමි ප්‍රදේශයක් මේ වන විට ඊශ්‍රායල හමුදා පාලන කරමින් සිටින බවය.
ඊශ්‍රායලයේ පාලනය පුළුල් කිරීම 2025 ඔක්තෝම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් යුත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමයේ කොන්දේසිවලට පටහැනි වනු ඇත.
පසුගිය 12 වෙනිදා වන විට ගාසා තීරයේ පලස්තීන ජාතිකයින් 72,742 දෙනෙකු මියගොස් තවත් 172,565 දෙනෙකු තුවාල ලබා තිබේ.
මිය ගිය පුද්ගලයින්ගෙන් 21,283 දෙනෙකුම ළමුන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
