ඉන්දියාව ප්‍රහාරක ජෙට් යානා ගනුදෙනුවකට සැරසෙයි
සයුරෙන් එතෙර

ඉන්දියාව ප්‍රහාරක ජෙට් යානා ගනුදෙනුවකට සැරසෙයි

May 28, 2026   09:23 pm

ඉන්දීය ගුවන් හමුදාව  සඳහා බහුකාර්ය ප්‍රහාරක ජෙට් යානා 114ක් මිලදී ගැනීමට අදාළ නිල ඉල්ලීම් ලිපිය ඉන්දියාව විසින් අවසන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

ඉදිරි සති කිහිපය තුළ මෙම ලේඛනය නිල වශයෙන් ප්‍රංශය වෙත යැවීමට අපේක්ෂා කෙරේ.

මෙය ඉන්දියාවේ විශාලතම ආරක්ෂක මිලදී ගැනීමේ වැඩසටහනක වැදගත්ම පියවරක් බවද ඉන්දීය මාධ්‍ය පවසයි.

ගිවිසුමේ වටිනාකම දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 38ක් පමණ වෙයි. 

ප්‍රංශය වෙතින් මෙම ලේඛනයට ප්‍රතිචාරයක් ලෙස මිල ගණන්, ලබාගත හැකි කාලසීමාවන් සහ සැපයුම් සහාය පිළිබඳ තොරතුරු ලැබුණු පසු, ඉන්දියාව විසින් තාක්ෂණික සහ වාණිජමය ලංසු ඉදිරිපත් කරන ලෙස අදාළ සමාගමට නිල වශයෙන් ආරාධනා කරනු ඇති.

මිලදී ගැනීමට නියමිත ජෙට් යානා 114න් යානා 90කට ආසන්න ප්‍රමාණයක්, අදාළ සමාගම සහ ඉන්දීය ආරක්ෂක සමාගමක් අතර ඇති කරගන්නා හවුල්කාරිත්වයක් මත ඉන්දියාව තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. ඉතිරි යානා සෘජුවම ප්‍රංශයේ සිට පියාසර කරවා ඉන්දියාවට භාරදීමට නියමිතය.