ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක්
May 18, 2026 02:12 pm
නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 273කි.
එහිදී කේට් ඇන්ඩර්සන් ලකුණු 84ක් සහ බෙලා අම්ස්ට්රෝං ලකුණු 59ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී තාරුකා ශෙහානි කඩුලු 04ක් බිඳහෙළුවාය.
තරගය පැවැත්වෙන්නේ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
