සිම්බාබ්වේ සහ පාකිස්තාන කාන්තා දෙවන T20 තරගය අද 

සිම්බාබ්වේ සහ පාකිස්තාන කාන්තා දෙවන T20 තරගය අද 

May 14, 2026   01:12 pm

සංචාරක සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (14)පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව තරගය කරච්චිහිදී රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතය.

තරග තුනකින් යුත්  තරගාවලියේ පළමු තරගය ලකුණු 153කින් ජය ගැනීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමත් විය.

එමෙන්ම තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ද තරග තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට සමත් වුයේ පාකිස්ථාන කණ්ඩායමය.