සයුරෙන් එතෙර
දකුණු සුඩානයේ මාරක ගුවන් අනතුරක් - 14ක් මරුට
April 28, 2026 06:36 am
දකුණු සුඩානයේ ජුබා අගනුවර ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 14දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය (SSCAA) සඳහන් කරයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.
යානය ගුවන් ගතවී මිනිත්තු 30ක පමණ කාලයක් සම්බන්ධතා සියල්ල අවහිර වී තිබී ඇත.
මියගිය පිරිස අතර, ගුවන් නියමුවා මගීන් 13දෙනෙකු සිටින අතර මගීන්ගෙන් 12 දෙනෙකු සුඩාන ජාතිකයින් වන අතර, දෙදෙනෙකු කෙන්යානු ජාතිකයින් වේ.
2011 නිදහසින් පසු දශකය තුළ සුඩානය තුළ ගුවන් යානා 55කට වැඩි ප්රමාණයක් කඩා වැටී ඇති අතර, එහි ප්රතිඵලයක් ලෙස දුසිම් ගණනක් ජීවිත අහිමිවී ඇත.
2015 නොවැම්බර් මාසයේදී ජුබා ගුවන් තොටුපළ අසල දී ඇන්ටනොව් ගුවන් යානයක් කඩා වැටීමෙන් ජීවිත 41ක් අහිමිවීම මේ අතර දරුණුතම ගුවන් අනතුර ලෙස දැක්වේ.
