ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද

April 20, 2026   09:49 am

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත් වේ.

බංග්ලාදේශයේ රාජශාහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගාවලියට එක්දින ක්‍රිකට් තරග 3ක් ඇතුළත්. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරණ අතර බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ නිගා සුල්තානාටය.