ෂාපූර් සද්‍රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය අතිශයින් බරපතළ මට්ටමක

ෂාපූර් සද්‍රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය අතිශයින් බරපතළ මට්ටමක

April 19, 2026   04:32 pm

දරුණු රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටින ඇෆ්ගනිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් සද්‍රාන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ඉතා අවදානම් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාවේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහුගේ සුදු රුදිරාණු, ගණන අසාමාන්‍ය ලෙස මේ වනවිට තවදුරටත් පහත වැටී ඇත.

ඒ හේතුවෙන් ඔහු සැත්කමකට ලක්කර ඇති අතර, ඉන් අනතුරුව කොඳු ඇට පෙළේ සංකූලතා ඇතිව තිබේ.

වෛද්‍ය ආරංචි මාර්ග අනුව ඔහුගේ තත්ත්වය අතිශයින් බරපතළ මට්ටමකට පැමිණ ඇත.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලයද ඔහු වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදී තිබේ.

එමෙන්ම ඇෆ්ගනිස්තාන - පාකිස්තාන දේශපාලන විරසක නොසලකා සද්‍රාන්ගේ රෝගී තත්ත්වය වෙනුවෙන් පාකිස්තාන ක්‍රීඩකයන් සිය කනගාටුව ප්‍රකාශකර ඇත. 

පාකිස්තාන හිටපු ක්‍රීඩකන් වන ෂහිඩ් අෆ්‍රිඩ්, උමර් අක්මාල් ඒ අතර වේ.

මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන ෂාපූර් සද්‍රාන්, ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 80කට ක්‍රීඩාකර කඩුලු 80ක් බිඳහෙළා තිබේ.

දශකයකට වැඩි කාලයක් ඇෆ්ගනිස්තානය නියෝජනය කළ ඔහු 2025 ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියේය.