ඉන්දු - අමෙරිකානු නායකයින් අතර සාකච්ඡාවක්
සයුරෙන් එතෙර

ඉන්දු - අමෙරිකානු නායකයින් අතර සාකච්ඡාවක්

April 15, 2026   10:02 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී නායකයන් දෙදෙනා බටහිර ආසියාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බව පැවසෙයි.

එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව සහ ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් 'X' පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි  ප්‍රකාශ කළේ, විවිධ ක්ෂේත්‍රයන්හි දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළ බවය.

මේ අතර නායකයින් දෙපළ අතර පැවති සාකච්ඡාව ඉතා ධනාත්මක සහ ඵලදායී බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති පවසා තිබේ.