සයුරෙන් එතෙර
හදිසි ණය පියවීමක් නිසා පාකිස්තානය අර්බුදයක
April 8, 2026 04:43 pm
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් ගෙවා දැමීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාකිස්තානයේ බිඳවැටෙමින් පවතින ආර්ථික ව්‍යුහය නැවත වරක් ලෝකය හමුවේ නිරාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ණය දීර්ඝ නොකිරීමත් සමඟ වසර 7ක් පුරා පැවති එම ක්‍රියාවලිය අවසන් වී තිබේ.
ඉස්ලාමාබාද් පාලනය මෙම ණය ආපසු ගෙවීම සාමාන්‍ය මූල්‍ය ගනුදෙනුවක් ලෙස දැක්වීමට උත්සාහ කළද, සැබෑ තත්ත්වයෙන් පෙන්නුම් කරන්නේ එරට ආර්ථික කළමනාකරණයේ පවතින දැඩි දුර්වලතා සහ විදේශීය ආධාර මත පවතින අසීමිත යැපීම බවද විදෙස් මාධ්‍ය පවසයි.
ඩොලර් බිලියන 3ක මෙම ණය ආපසු ගෙවීම පාකිස්තානයේ විදේශ විනිමය සංචිතයෙන් 18%ක් පමණ වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය සහ සෞදි අරාබිය වැනි මිත්‍ර රටවලින් ලැබුණු මූල්‍ය ආධාර මගින් ඉස්ලාමාබාද් පාලනයට සිය විදේශ සංචිත සහ මුදල් ඒකකය තාවකාලිකව ස්ථාවර කර ගැනීමට හැකි විය.
