සයුරෙන් එතෙර
ජර්මනිය තුළ පුහුණු ශ්‍රමිකයන්ගේ බරපතළ හිඟයක් ඇතිව තිබේ.
March 23, 2026 10:28 am
ජර්මනිය තුළ පුහුණු ශ්‍රමිකයන්ගේ බරපතළ හිඟයක් ඇතිව තිබේ.
එරට වයස්ගත ශ්‍රමිකයින් විශ්‍රාම ගැනීම හේතුවෙන් ඇතිවන පුරප්පාඩු වලට සරිලන ලෙස තරුණයින් කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා එක් නොවීමත් මෙම ගැටලුවට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ශ්‍රමිකයින්ගේ හිඟය මගහරවා ගැනීම සදහා ඉන්දියානු පුහුණු ශ්‍රමිකයන් ජර්මනිය වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.
2002 වර්ෂයේ ජර්මනිය තුළ නිවාස ආශ්‍රිත කුඩා කර්මාන්ත 19,000ක් වාර්තා වී තිබූ අතර 2021 වසර වන විට ශ්‍රමිකයින්ගේ හිඟය හේතුවෙන් එම සංඛ්‍යාව 11,000 දක්වා අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
