මතීෂට IPL මූලික තරග  අහිමි වන ලකුණු

මතීෂට IPL මූලික තරග අහිමි වන ලකුණු

March 21, 2026   02:10 pm

‍ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර IPL තරගාවලියේ මුල් තරග ක්‍රීඩා කිරීමට නොහැකි වන බව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පවසයි.

පසුගියදා අවසන් වූ විස්සයි20 ලෝක කුසලානය අතරතුරදී මතීෂ පතිරණ ආබාධයකට ලක් වූ අතර, එම ආබාධය සුව නොවීම හේතුවෙන් මෙලෙස IPL තරගාවලියේ මුල් තරග අහිමි වන බව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අභිෂේක් නායර් ප්‍රකාශ කර ඇත.

මතීෂ පතිරණ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කරමින් සිටින බව ද අභිෂේක් නායර් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මෙවර IPL වෙන්දේසියේදී මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත් ගනු ලැබීය.

මෙවර IPL තරගාවලිය එළැඹෙන 28 වනදා ආරම්භ වීමට නියමිතය.