ඉරාන නායකත්වය විනාශ වී ඇති බැවින්  සාකච්ඡා කිරීමට කිසිවෙකු නැතැයි ට්‍රම්ප් පවසයි
සයුරෙන් එතෙර

ඉරාන නායකත්වය විනාශ වී ඇති බැවින් සාකච්ඡා කිරීමට කිසිවෙකු නැතැයි ට්‍රම්ප් පවසයි

March 20, 2026   09:59 pm

අමෙරිකාව, ඉරානය සමඟ සාකච්ඡා අපේක්ෂා කරන නමුත් සති කිහිපයක් පුරා එල්ල වූ ප්‍රහාර හමුවේ එරට නායකත්වය විනාශ වී ඇති බැවින් "සාකච්ඡා කිරීමට කිසිවෙකු නොමැති" බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ධවල මන්දිරයේ පැවැති උත්සවයක් අතරතුර අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ "අපට ඔවුන් සමඟ කතා කිරීමට අවශ්‍යයි, නමුත් කතා කිරීමට කිසිවෙකු නැහැ.'' ලෙසය.

එමෙන්ම ඔවුන්ගේ නාවික හමුදාව ,ගුවන් හමුදාව , ගුවන් ආරක්ෂක පද්ධති, රේඩාර් පද්ධති සහ නායකයන් සියල්ලම අවසන් වී ඇති අතර දැන් එහි නායකයෙකු වීමට කිසිවෙකු කැමැත්තක් නොදක්වන බවද ඔහු සඳහන් කර සිටී.

මෙම ප්‍රකාශ මධ්‍යයේ වුවද, වොෂින්ටනයේ මූලික අරමුණ ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීම බවද ට්‍රම්ප් යළිත් අවධාරණය කළේය. 

"අපි ඔවුන්ට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔවුන්ට ඒවා ලැබුණොත් ඔවුන් ඒවා අනිවාර්යයෙන්ම භාවිත කරාවි," යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.