හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට  ප්‍රංශ ජනපති සැරසෙයි
සයුරෙන් එතෙර

හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට ප්‍රංශ ජනපති සැරසෙයි

March 10, 2026   01:53 pm

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නාවික හමුදා බල ඇණියක් එම කලාපයට යෙදවීමට ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මැදපෙරදිග කලාපය වෙත චාල්ස් ඩි ගෝල් ගුවන්යානා හාරක නෞකාව යොමුකිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා තීරණය කර ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සහතික කිරීම මෙම පියවරේ අරමුණ බවද සඳහන්.

ඉරානයට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පසුගියදා කටයුතු කළ අතර එම තීරණයෙන් ලොව බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල විය.