ලොවම බලා සිටි සටනෙන් ඉන්දියාවට පහසු ජයක්

ලොවම බලා සිටි සටනෙන් ඉන්දියාවට පහසු ජයක්

February 15, 2026   10:20 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් ඉන්දු - පාකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.

ඉන්දියාව ලබාදුන් ලකුණු 176ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට පන්දුවාර 18කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු පමණි.  

මෙම ජයත් සමග සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව අවස්ථාව උදාවිය.

'A' කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වේ.

2007 වසරේ සිට මේ දක්වා ඉන්දියාව හා පාකිස්තානය අතර විස්සයි20 තරග 17ක් පවත්වා ඇති අතර, ඉන් තරග 13ක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.

පාකිස්තානය තරග 3ක් ජයගෙන ඇති අතර, එක් තරගයක් ලකුණු සමවී තිබේ.