පාකිස්තානයට එරෙහි සටනට ඉන්දියාව අද රෑ ලංකාවට

පාකිස්තානයට එරෙහි සටනට ඉන්දියාව අද රෑ ලංකාවට

February 13, 2026   02:17 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ක්‍රීඩාකිරීම සඳහා ඉන්දීය කණ්ඩායම අද (13) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

තරගාවලියේ 'A' කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන මෙය එළැඹෙන 15වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය ප.ව. 7ට ආරම්භවීමට නියමිතය.

'A' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව හා පාකිස්තානය තරග දෙක බැගින් ක්‍රීඩාකර අපරාජිතව සිටින අතර, ඉන් ඉන්දියාව පෙරමුණ හිමිකරගෙන සිටියි.