තුර්කි පාර්ලිමේන්තුවේ ගැටුමක්
සයුරෙන් එතෙර

තුර්කි පාර්ලිමේන්තුවේ ගැටුමක්

February 12, 2026   02:31 pm

තුර්කි රජයේ නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කළ අකීන් ගුර්ලෙක් එම ධුරයේ දිවුරුම්දීමට එරට විපක්ෂය පළකළ විරෝධය මුල්කරගෙන එරට පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇතිවිය.

මෙලෙස පත්වීම් ලැබූ අකීන් ගුර්ලෙක් එරට හිටපු ප්‍රධාන අභිචෝදකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඒ සමයේදී ජනාධිපති රෙසිප් එර්දොවාන්ගේ ප්‍රතිවාදීන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගත් බවට ඔහු චෝදනාවට ද ලක්වූ අයෙකි.