ඕමානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 226ක ඉලක්කයක්
February 12, 2026 12:52 pm
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා ඕමාන කණ්ඩායමට ලකුණු 226ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 225කි.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 61ක්, පවන් රත්නායක ලකුණු 60ක් සහ දසුන් ශානක ලකුණු 50ක් රැස්කරගැනීමට සමත් වූහ.
