ඔස්ට්‍රේලියාවෙන් අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

ඔස්ට්‍රේලියාවෙන් අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

February 11, 2026   04:57 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) දහවල් පැවැත්වෙන අයර්ලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව තරග වදින 'B' කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් මාකස් ස්ටොයිනිස් පන්දු 29කින් ලකුණු 45ක් රැස්කිරීමට සමත් විය.

ඊට අමතරව ජොෂ් ඉංලිෂ් (37) හා මැට් රෙන්ෂෝව් (37) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

අයර්ලන්තය වෙනුවෙන් මාක් ඒඩර් ලකුණු 22කට කඩුලු 2ක් දවාගතේය.