ලෝක කුසලාන සටනට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ඇරඹුමක්

ලෝක කුසලාන සටනට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ඇරඹුමක්

February 8, 2026   10:53 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගනිමින් අයර්ලන්තයට එරෙහිව අද (8) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් ලකුණු 20ක  ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 164ක ඉලක්කයට පිළිතුරු ලෙස අයර්ලන්තයට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.

සාර්ථක පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළදී ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තේය.

ඊට අමතරව වනිඳු හරංග ලකුණු 25කට කඩුලු 3ක් දවාගත් අතර,  දුෂ්මන්ත චමීර හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාත්හ.

මෙම ජයත් විස්සයි20 තරග බිමේ අයර්ලන්තයට එරෙහි අපරාජිත බව තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

දෙරට අතර අද පැවැතියේ 4වන විස්සයි40 තරගය වන අතර, එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන ඇත.