ඉම්රාන් ඛාන් වෙනුවෙන් PTI පක්ෂයෙන් දැඩි පියවරක්
සයුරෙන් එතෙර

ඉම්රාන් ඛාන් වෙනුවෙන් PTI පක්ෂයෙන් දැඩි පියවරක්

February 6, 2026   08:24 pm

සිරගත කර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් PTI පක්ෂය රට පුරා වැඩවර්ජනයක් සූදානම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව එම පක්ෂය පෙන්වා දෙන්නේ පෙබරවාරි 8 වනදා පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සහභාගී වන ලෙස සියලු ජනයාගෙන් ඉල්ලා සිටින බවය.

PTI ඒකාබද්ධ පාර්ලිමේන්තු කමිටු රැස්වීමකදී මෙම තීරණයට එළඹ තිබේ. 

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම විශේෂයෙන් කැඳවා ඇති බවද පැවසෙයි. 

එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කමිටුව විසින් සම්මත කරන ලද යෝජනාව දැනුම්දීම සඳහා අගවිනිසුරුවරයා හමුවන බවද PTI පක්ෂය පවසා තිබුණි.