සයුරෙන් එතෙර
සර්පයින් දෂ්ඨ කිරීමෙන් සෑම වසරකම ඉන්දියානුවන් 50,000ක් මරුට
February 2, 2026 03:40 pm
සර්පයින් දෂ්ඨ කිරීම නිසා සෑම වසරකම ඉන්දියානුවන් 50,000කට පමණ දිවි අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සර්ප දෂ්ඨ කිරීම්වලින් වැඩිපුරම පීඩාවට පත්වන රටවල් ලෙස ඉන්දියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ නයිජීරියාව ලෙස හඳුනාගෙන තිබේ.
ඊට හේතුව ලෙස අවම යටිතල පහසුකම්, විෂ ඉවත්කිරීම සඳහා ප්‍රමාණවත් ඖෂධ නොමැති වීම සහ ප්‍රමාණවත් පුහුණුවක් සහිත සෞඛ්‍ය සේවකයින් නොමැතිකම ලෙස සඳහන් වෙයි.
මේ අතර, සර්පයින් දෂ්ඨ කිරීම සඳහා ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා රෝගීන්ට බරපතල සංකූලතා ඇති වී ඇති බවත්, ඒ අතරට අත් පා කපා දැමීම්, සැත්කම් හෝ ජීවිත කාලය පුරාම ශාරීරික කාර්යයන් ඉටුකර ගැනීමට අපහසුතා ඇති වී ඇති බවත් අනාවරණය වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා සෑම වසරකම මිලියන 5.4ක ජනතාවක් සර්පයින් දෂ්ඨ කිරීම්වලට ලක්වන අතර වාර්ෂිකව 100,000කට වැඩි පිරිසක් මිය යන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
