පාකිස්තාන යොවුන් ක්‍රීඩකයින්ට ලකුණු 253ක ඉලක්කයක්
February 1, 2026 05:44 pm
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (1) පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 252කි.
එහිදී වේඩන්ට් ත්රිවේදි ලකුණු 68ක් සහ කනිෂ්ක චෞහාන් ලකුණු 35ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී අබ්දුල් ශුබ්හන් කඩුලු 03ක් බිඳහෙළීමට සමත් විය.
තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේහි බුලවායෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
