කරච්චි ගින්නේ මරණ තවත් ඉහළ යයි
සයුරෙන් එතෙර

කරච්චි ගින්නේ මරණ තවත් ඉහළ යයි

January 19, 2026   10:39 pm

පාකිස්තානයේ කරච්චි නුවර මහල් වෙළඳ සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙක් මියගොස් 50කට ආසන්න පිරිසක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ ආරම්භ වූ ගින්න නිවා දැමීමට දිනක පමණ කාලයක් ගතව ඇති අතර සුන්බුන් අතරින් මළසිරුරු හමුවෙමින් පැවතීම හේතුවෙන් මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වෙයි.