සයුරෙන් එතෙර
ජර්මනිය සහ ඉන්දියාව වෙළෙඳ සබඳතා පුළුල් කරයි
January 14, 2026 01:54 pm
යුරෝපයේ විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය ඉන්දියාව සමග ආර්ථික හා ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා එකඟතාව පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ ඉන්දීය සංචාරයට සමගාමීව මෙම එකඟතා සඳහා එළඹ ඇති බවය.
එම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජර්මානු චාන්සලර්වරයා ගුජරාට් හිදී හමුවී තිබුණි.
චීනය මත යැපීම අඩුකර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට රටවල් දෙකම උත්සාහ කරන බැවින්, ආරක්ෂක, සෞඛ්‍ය සහ අධ්‍යාපන ආදී ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා දෙරට අතර විවිධ ගිවිසුම් අත්සන් කිරීමට මෝදි සහ මර්ස් සාකච්ඡා පවත්වා තිබූ බවද ඉන්දීය මාධ්‍ය පැවසීය.
ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව, ජර්මනිය යුරෝපා සංගමය තුළ සිටින ඉන්දියාවේ වැදගත්ම වෙළඳ හවුල්කරුවා බව මෝදි සඳහන් කර ඇත.
දේශගුණික ක්‍රියාකාරකම්, බලශක්තිය, මූලද්‍රව්‍ය කැණීම වැනි ක්ෂේත්‍රවල නව ව්‍යාපෘති දෙරට විසින් අනුගමනය කරන බවත්, ඒකාබද්ධ සංවර්ධනය සහ නිෂ්පාදනය සඳහා සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා සැලැස්මකට එකඟවී ඇති බවත් වාර්තා වෙයි.
