සයුරෙන් එතෙර
පාකිස්තානයේ මානව හිමිකම් ගැන ඇම්නෙස්ටි කනස්සල්ල පළ කරයි
January 13, 2026 04:04 pm
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් පාකිස්තානයට සිය කනස්සල්ල පළ කරමින් වාර්තාවක් නිකුත් කර තිබේ.
ඒ, රට තුළ සිටින සංක්‍රමණිකයින් නීතිවිරෝධී ලෙස රඳවා තබාගැනීම, හිරිහැර කිරීම සහ බලහත්කාරයෙන් ආපසු හරවා යැවීම පිළිබඳ ය.
ඒ අනුව ඇම්නෙස්ටි පාකිස්තානයෙන් ඉල්ලා ඇත්තේ ඇෆ්ගන් සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම වහාම නතර කරන ලෙසය.
පාකිස්තාන අගමැතිවරයා වෙත යොමු කරන ලද විවෘත ලිපියක, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පාකිස්තානය ඇෆ්ගන් සරණාගතයින්ට සැලකීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වී සිටින බවත්, ජාත්‍යන්තර නීතියට අනුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් ඉල්ලා තිබේ.
2025දී ඉරානයෙන් සහ පාකිස්තානයෙන් අවම වශයෙන් ඇෆ්ගන් ජාතිකයින් මිලියන 2.8 ක් නැවත ඇෆ්ගනිස්තානයට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.
