ශ්‍රී ලංකා - පාකිස්තාන  දෙවැනි T20 තරගය අත්හිටුවයි

ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවැනි T20 තරගය අත්හිටුවයි

January 9, 2026   08:51 pm

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (09) පැවැත්වීමට නියමිත තිබූ දෙවැනි 20-20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.

මෙම තරගය අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද වර්ෂාවෙන් ඇති වූ බාධා හේතුවෙන් තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට හැකියාවක් ලැබී නොමැත.

ඒ අනුව දිගින් දිගටම වර්ෂාව පැවතීම හේතුවෙන් මෙසේ තරගය අතහැර දැමීමට පියවර ගෙන ඇත.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තානයයි.