ඉරානයේ විරෝධතා අතරතුර  මියගිය ගණන ඉහළට
සයුරෙන් එතෙර

ඉරානයේ විරෝධතා අතරතුර මියගිය ගණන ඉහළට

January 9, 2026   08:05 pm

ඉරානයේ දින ගණනාවක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත විරෝධතා හේතුවෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක මෙම විරෝධතා ක්‍රියාත්මකය.

එමෙන්ම මේ වනවිට විරෝධතා පාලනය කිරීම සඳහා රට පුරා අන්තර්ජාල විසන්ධි කිරීමක් ද සිදුකර ඇත.

මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුව බව සඳහන්.

ඔවුන් දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒමේ අරමුණින් මෙම විරෝධතාවේ නියැලෙන බව වාර්තා වේ.

ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීම ඇතුළු කරුණු රැසක් මුල්කරගමින් මෙම නොසන්සුන්තාවය හටගෙන ඇත.