සයුරෙන් එතෙර
ජපානයේ වෙන්දේසියකදී මත්ස්‍යයෙකු වාර්තාගත මුදලකට අලෙවි වෙයි
January 7, 2026 04:20 pm
ජපානයේ ටොයෝසු මත්ස්‍ය වෙළෙඳපොළේ වාර්ෂිකව පැවැත්වෙන මත්ස්‍ය වෙන්දේසියේ දී 'බ්ලූෆින්' වර්ගයේ ටූනා මත්ස්‍යයෙකු යෙන් මිලියන 510කට (අ.ඩො. මිලියන 3.2) අලෙවි වී තිබේ.
එහි වටිනාකම මෙරට මුදලින් රු. කෝටි 100කට (රු. 993,076,160) ආසන්නය.
උතුරු ජපානයේ ඕමා වෙරළට ඔබ්බෙන් අල්ලාගෙන ඇති මෙම යෝධ ටූනා මත්ස්‍යයා කිලෝග්‍රෑම් 243 (රාත්තල් 536)ක බරකින් යුක්ත බව සඳහන්.
කියොමුරා සමාගම විසින් මෙම මිලදීගෙන ඇති අතර, එය ටොයෝසු මත්ස්‍ය වෙළඳපොළේ වාර්ෂිකව පැවැත්වෙන අලුත් අවුරුදු වෙන්දේසියකදී මත්ස්‍යයෙකු එතෙක් මෙතෙක් අලෙවි වූ ඉහළම වටිනාකම වේ.
මීට පෙර එම වෙන්දේසියේ මත්ස්‍යයෙකු ඉහළම මිලකට අලෙවි වී තිබුණේ 2019 වසරේ දීය. එවර යෙන් මිලියන 333.6කට එය සිදුව තිබුණි.
කෙසේ නමුත් එවරද කියොමුරා සමාගම විසින්ම අදාළ මත්ස්‍යයා මිලදීගෙන ඇත.
