එංගලන්ත පුහුණුකාරිත්වයට රවි ශාස්ත්‍රි නම් කරන්නැයි යෝජනාවක්
December 25, 2025 03:58 pm
'අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්තය ප්‍රදර්ශනය කරමින් සිටින දුර්වල ක්‍රීඩා විලාශය සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන නවසීලන්ත හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් ඉවත්කරන්නැයි යෝජනාවක් ලැබී තිබේ.
එංගලන්ත හිටපු දඟ පන්දු යවන්නෙකු වන ඉන්දීය සම්බවයක් ඇති මොන්ටි පනේසාර් මේ බව පවසයි.
ඔහු ඒ සඳහා යෝජනා කර ඇත්තේ ඉන්දීය හිටපු ප්‍රධාන පුහුණුකරු රවි ශාස්ත්‍රිය.
ඉන්දීය කණ්ඩායම 2018-19 සහ 2020-21 යන කාලසීමාවන්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව අඛණ්ඩව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට ශාස්ත්‍රි මග පෙන්වූ බව පනේසාර් පවසයි.
"ඔස්ට්‍රේලියාව පරාජය කරන්නේ කොහොමද කියලා හරියටම දන්නේ කවුද කියලා ඔබ හිතන්න ඕනේ. ඔස්ට්‍රේලියාවේ දුර්වලතා මානසිකව, ශාරීරිකව සහ උපායශීලීව ප්‍රයෝජන ගන්නේ කොහොමද? මම හිතන්නේ රවි ශාස්ත්‍රි එංගලන්තයේ ඊළඟ ප්‍රධාන පුහුණුකරු විය යුතුයි" පනේසාර්ගේ මතයයි.
තරග 5කින් අළු බඳුන තරගාවලිය තරග 3-0ක් ලෙස එංගලන්තය මේ වනවිට වේලාසනම තරගාවලිය පරාජය වී සිටී.
ඒ හේතුවෙන් බොහෝ දුරට මෙම තරගාවලියෙන් පසු මැකලම්ගේ පුහුණුකාරිත්වයේ අනාගතයද බොහෝ දුරට මතභේදාත්මක වනු ඇති බව සඳහන්.
